Categories
ක්‍රියාත්මක වන ව්‍යාපෘති ව්‍යාපෘති

උඩගම ගම්මානයට පුස්තකාලයක්

මාතලේ ආඳාවල උඩගම ගම්මානයට අප ගිය බොහෝ සංචාර වලදී කියවීමේ උනන්දුවක් දක්වන අය සිටින බව දුටුවෙමු. ඒ නිසා අප ගම්මානයේ තරුණ සමාජය සමඟ එක් වී පුස්තකාලයක් ගොඩනඟා ගැනීමට තීරණය කළෙමු. මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ යයි අපි විශ්වාස කරමු.

පොතක් පතක් කියවන්න ලැබෙන්නෙ නැති දූල පුතාල වෙනුවෙන්ම අපි යනව උඩගම ගමේ පුස්තකාලයක් හදන්න. මාතලෙ දිස්ත්‍රික්කයේ කෙළවරකට වෙන්න තියන මේ ගමේ ළමයි 400කට වඩා ඉන්නව ඉස්කෝලෙ යන. ඒ වගේම කියවන්න උනන්දුව තියන වැඩිහිටි අයත් බොහොමයි. ඉතින් අපි ගියපු වෙලාවෙ එයාල කරපු ඉල්ලීම තමයි හරිහමන් විදියකට පොතක් කියවගන්න වගේම ඒ පොත් තියල තියන්න තැනක් හදල දෙන්න කියල. ඒ වෙනුවෙන් අපි හිතාගෙන ඉන්නව ඒ දරුවොන්ට දිරියක් වෙන්න අලුතින් පුස්තකාල ගොඩනැගිල්ලක් හදල පොත් පත් ටිකකුත් එකතු කරල දෙන්න. 

මේ සඳහා විශාල වියදමක් යනව උනත් ශ්‍රමයෙන් දායකත්වයක් දෙන්න ගමේ හැමෝම ලෑස්තියි. ඒ නිසාම අපිට  මේ වැඩේ තවත් පහසු වෙනව. ඉතින් මුදලින් රුපියල් ලක්ෂ 10ක් වගේ වියදමක් යයි කියලයි අපි ඇස්තමේන්තු කරල තියෙන්නෙ. ඒ බඩු මුට්ටු ටික ගන්න. ඉතින් ඒකට අපිට ඔයාලගෙ උපකාර ඕනෙමයි. අපි ඔක්කොම එකතු වෙලා මේ සත්කාරය නිමා කරමු. ඒ දරුවන්ට පොතක් කියවන්න පහසුකමක් ලබල දෙමු.