නකල්ස් කඳු පන්තියෙන් වට උනු සුන්දර ගම්මානයක් වන ආඳාවල – උඩගම කියන්නෙ දුෂ්කර ගමක්. වසර 800කට වඩා පැරණි බෝධීන්වහන්සේ සහ නුවර යුගයේ චිත්‍ර වලින් සමන්විත් විහාර මන්දිරයක් සහිත මේ පුරාණ විහාරයෙ වැඩ වසන එකම ස්වාමීන් වහන්සේ ඉතා දැඩිව උත්සාහ ගන්නව ගමේ මෙන්ම රටේ නොයෙකුත් ප්‍රදේශ වලින් පැමිණෙන අයට ආගමික වශයෙන් යම්කිසි මෙහෙවරක් කරන්න. ඒ සඳහා මාසික ධර්මදේශනා වගේම බෝධිපූජා වගේ වැඩසටහන් පවතවනව. මීට අමතරව, අඩුපාඩු නිසාම ගමේ බොහෝ ළමා වැඩසටහන් පවත්වන්නෙත් පන්සලේ ධර්ම ශාලාවෙ. ඉතින් මේ හැමදේටම තියන ලොකුම අඩුපාඩුව තමයි හරි හමන් ශබ්ද විකාශණ පද්ධතියක් නැතිකම. ඒ නිසා අපි තීරණය කරා ළමුන් මෙන්ම ගමේ කවුරුත් වෙනුවෙන් ඒ අඩුපාඩුව සපුරන්න. ඒ සඳහා අපි ශබ්ධ විකාශණ පද්ධතියක් සවි කිරීමේ කටයුත්ත සිදුකරගෙන යනව. මූල්‍යමය වශයෙන් ඒ සඳහා අවශ්‍ය උපකරණ මිලට ගන්න රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණවත් වැයවෙනව. ඇස්තමේන්තුව ඒ වගේ. පිණක් වගේම සමාජයට දූ දරුවන්ට සිදු කරන විශාල උපකාරයක් වශයෙන් එකතු වෙන්න මේ සත්කාර්යට. ඔබේ සහය අවශ්‍යම මොහොතයි මේ.
Categories
ආඳාවල උඩගම පුරාණ විහාරයට ශබ්ද විකාශන පද්ධතියක්
මාතලේ ආඳාවල උඩගම පුරාණ විහාරයේ නිසි ශබ්ද විකාශන පද්ධතියක් නොමැත. ආගමික කටයුතු වලට එවැනි පද්ධතියක් බොහෝ ප්‍රයෝජනවත් වන අතරම එය සවි කරන ධර්ම ශාලාව පොදු කටයුතු වලටද යොදා ගන්න බැවින් එම කටයුතු වලටද එය බෙහෙවින් උපකාරයක් වනු ඇත.