Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

ආඳාවල උඩගම පුරාණ විහාරයයේ චෛත්‍ය මළුව හා ප්‍රාකාරය

ඓතිහාසික පසුබ්මකින් සපිරි ආඳාවල – උඩගම පුරාණ විහාරයට කලක් සිටම පවතින විශාල අඩුපාඩුවක් වන චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීමට දැන් කටයුතු සැලසිලා තියෙනවා. සියලුදෙනාටම ඉතා සතුටු වෙන්න පුළුවන්.

ඓතිහාසික පසුබ්මකින් සපිරි ආඳාවල – උඩගම පුරාණ විහාරයට කලක් සිටම පවතින විශාල අඩුපාඩුවක් වන චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීමට දැන් කටයුතු සැලසුණා. සියලුදෙනාටම ඉතා සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ගම් වැසියන් සියල්ලම පාහේ මේ කටයුත්තට තමන්ට පුළුවන් ආකාරයට දායක වුණා. මේ වගේ දුර්ලභ කාර්යයකට අපිටත් දායක වෙන්න අවස්ථාව සැලසුණා. ඒ චෛත්‍ය මළුව හා ඒ වටා ප්‍රකාරය ඉදි කරන්න අවස්ථාව සලසා ගන්න අපට පුළුවන් උනා. මේ ප්‍රකාරය දිගින් සහ පළලින් අඩි 42 බැගින් වෙනවා. දැන් මේ චෛත්‍ය මළුවේ හා ප්‍රාකාරයේ වැඩ අවසානයි. මේ සඳහා වචනයකින් හෝ දායක වූ සියළු දෙනාට බොහොමත්ම පින්.