කෝවිඩ් වසංගතය නිසා ගණනක් නොමැති ශ්‍රී ලාංකිකයන් බට කන බව සත්‍යයක්. බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවත් වීම සඳහා සකසා ගෙන තිබූ ජීවන වෘතීන් අහිමි වීමෙන් සහ බාධා පැමිණීමෙන් බොහෝ කරදර වලට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. අපේ ව්‍යාපෘතීන් ගොඩක් ක්‍රියාත්මක උන ආඳාවල තත්වයත් මේ වගේමයි. ඉතාම අපහසුවෙන් ජීවත් වීමට උත්සහ දරණ ඒ මිනිසුන්ට සුළුවෙන් හෝ අත්වැලක් වීමට අපි උත්සහ කරන්න තීරණය කරා. මේ අනුව ඉතා අහපසුවෙන් කටයුතු කරන පවුල් වෙත වියලි ආහාර මල්ලක් ලබා දීමට අපට හානි උනා. දැනට පවුල් 22 දෙකකට පමණ අපේ මිතුරු පිරිසගෙ අනුග්‍රහයෙන් මේ ආහාර මල්ල ලබා දෙන්න පුළුවන් උනා. මේ ව්‍යාපෘතිය තව දුරටත් ක්‍රියාත්මකයි. ඔබටත් මේ සඳහා අප හා එකවෙන්න අවස්ථාව තියෙනවා.
Categories
කෝවිඩ් වසංගතයෙන් නැගී සිටීමට අත්වැලක් වෙමු
කෝවිඩ් වසංගතය නිසා ආඳාවල සහ ඒ අවට ගම් කිහිපයක ජීවන වෘතීන් අහිමිව හෝ බාධා වීමෙන් අසරණ බාවයට පත් වෙලා සිටින පවුල් සඳහා යම් උපකාරයක් කිරීමට අපි උත්සහ කරනවා