Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

කෝවිඩ් වසංගතයෙන් පසු සුළුගුණයට…

අපි මුලින්ම සුළුගුණේ ප්‍රථමික පාසලට ගිහිල්ල අවුරුදු 4ක් විතර වෙනව දැන්. කලින් අවුරුදු වල Covid වසංගතය  නිසා යන්න බැරි වුන නිසා මේ පාර ඒ දරුවන්ව බලල අපිට පුළුවන් විදියට උපකාර කරන්න අපේ යාලුවෝ ටික තීරණය කරා.

අපි මුලින්ම සුළුගුණේ ප්‍රථමික පාසලට ගිහිල්ල අවුරුදු 4ක් විතර වෙනව දැන්. කලින් අවුරුදු වල Covid වසංගතය  නිසා යන්න බැරි වුන නිසා මේ පාර ඒ දරුවන්ව බලල අපිට පුළුවන් විදියට උපකාර කරන්න අපේ යාලුවෝ ටික තීරණය කරා. වෙනද වගේම සුළුගුණේ ප්‍රථමික පාසලේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය අපිට ලොකු සහයක් දුන්න ඒ දරුවන්ට සහ පාසලට අවශ්‍ය දේවල් අඳුනා ගන්න. ඒ වගේම අපට ලොකු උවමනාවක් තිබ්බ ඒ දරුවන්ට එහෙදි හොඳ ආහාර වේලක් ලබා දෙන්න. අවසානයේ පහත දේවල් ටික අරන් යන්න තීරණය කරා.

  • 1-5 වසර දක්වා ඡේද හා පද්‍ය පොත 
  • 1 වසර සඳහා අකුරු හුරුව, පිල්ලම් හුරුව, අකුරට පෙර යන පොත් 
  • 2-5 දක්වා සිංහල, ගණිතය, පරිසරය, ඉංග්‍රීසි මාස්ට ගයිඩ් වැඩ පොත් 
  • පාසල් නිල ඇඳුම් සඳහා රෙදි 
  • යට ඇඳුම් 
  • ලේන්සු 
  • බෑග් 
  • පැන්සල් Case
  • අහාර ගන්නා වේලාවට පැළදීමට apron
  • පාසැල සඳහා ඩිමයි කොළ, A4 කඩදාසි, CR පොත් සහ විවිධ පාටින් සායම් 
  • ඇපල් සහ මැන්ඩරීන් 
  • චොකලට් (Kandos hand crafted)

මීට අමතරව භාවිතා කරන ලද ඇඳුම් විශාල ප්‍රමාණයක්, බයිසිකලයක්, දහවල් ආහාරයට ඕනෙ කළමනාත් අපේ ලැයිස්තුවට එකතු උනා.

මේ සියල්ලම අරගෙන අපි ජනවාරි 26 සුළුගුණේ ගමට ගියා. එදා හවස ඉඳල ලෑස්ති උනා පස්සේ දවසෙ දහවල් ආහාරය දෙන වැඩේට. ඒක කරේ අපේ පිරිසක් ඉස්කෝලෙම නතර වෙලා. පස්සෙ දවසෙත් උදේ ඉඳල ආහාර පිළියෙළ කරන කටයුතු පොඩ්ඩන්ට දෙන්න ගෙනාපු තෑගි පාර්සල් කරන එකත් සිද්ද උනා. 

අපි සැලසුම් කරපු විදියටම මුලින්ම අපේ පොඩි උත්සවයට ඇවිල්ල හිටපු පොඩ්ඩන්ට, දෙමාපියන්ට සහ ගමේ අනෙක් ළමයින්ටත් බිස්කට් සහ පලතුරු බීම වලින් සංග්‍රහ කරා. ඊට පස්සේ පොඩි රැස්වීමක් තියල දරුවන්ට ගෙනාපු පොත් පත්, උපකරණ, පලතුරු, චොකලට් ඔක්කොම බෙදා දුන්න. ඉස්කෝලෙට ගෙනාපු ලිපි ද්‍රව්‍යය සහ අනෙකුත් උපකරණත් භාර දුන්න. ඊට පස්සේ තමයි කතාවෙ රසම හරිය. අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු දහවල් ආහාර වේල ගමේ ළමයි ඔක්කොටමයි ආපු දෙමව්පියන්ටයි බෙදල දුන්න. හැමෝම බොහොම සතුටින් දහවල් ආහාරය ගත්ත. ඊට පස්සේ අයිස් ක්‍රීම් ගොඩකුත් කෑවා ඔක්කොමල එකතු වෙලා. ඒ විදියට දවස ඉවර වෙලා ගියා.

පාසැලේ විදුලි බල පද්දතියේ ගැටළුවක් නිසා අපි යනකොට පාසලට විදුලි බලය නැතිව තිබුණ. එකත් අපිට හරි විදියට නිරාකරණය කරල දෙන්න පුළුවන් උනා. 

පාසැල තියෙන ප්‍රදේශයේ ජංගම දුරකථන වැඩ කරන්නෙ නෑ සංඥා ගැටලුවක් නිසා. අපි පොඩි උත්සහයක් ගත්ත ඒ ගැටලුවටත් පිළිතුරක් හොයා ගන්න උපකරණ කිහිපයක් අරන් ගිහිල්ල. නමුත් ඒ කටයුත්ත නම් අසාර්ථක උනා. නමුත් අපි තවත් විදියකට ඒ සඳහා උත්සාහ කරන්න සැලසුම් කරනවා. 

මේ විදියට අති සාර්ථක වැඩ සටහනක් කරන්න අපිට මේ වාරෙත් පුළුවන් වුනා. එහෙම කරන්න පුළුවන් වුනේ දෙස් විදෙස් ඔබ සියලු දෙනා අපිට දක්වපු සහයෝගය නිසායි. ඒ සහයෝගයට ඒ දරුවො, දෙමව්පියෝ, විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය වෙනුවෙන් අපි අනේක වාරයක් ඔබ සියලු දෙනාට ස්තුති වන්ත වෙනවා.

මේ අතරෙම අපට විශේෂයෙන් උදව් කරපු පාර්ශව කීපයක් ඉන්නවා. ඒ අයවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ.

මුලින්ම @DigitalTeam ආයතනය සහ ඒ කාර්යය මණ්ඩලය අපට මූල්‍යමය වශයෙන් දක්වපු දායකත්වයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. 

ඒ වගේම අපිට විසඳා ගන්න තිබ්බ ලොකු ගැටලුවක් තමයි දහවල් ආහාරය හදන්න කෝකියෙක් හොයා ගන්න එක. අපේ මිත්‍රයෙක් Facebook එකේ පල කරපු post එකක ප්‍රතිඵලයක් විදියට අපේ කටයුත්තට අසේල එකතු උනා. ආහාර වේල සඳහා ඕන උපකරණ, කළමනා ඔක්කොම ප්‍රවාහනයට තමන්ගෙම වාහනේ භාවිතා කරලා සුළුගුණේට ගේන්න කටයුතු කරල බොහොම රසවත්ව පිරිසිඳුව ආහාර වේලක් සකසල දෙන්න කටයුතු කරා. මුල ඉඳල තමන්ගේම කටයුත්තක් විදියට සලකල කටයුතු කරපු නිසාම තමයි ඒ දහවල් ආහාර වේල රසවත්ව ලස්සනට පිළිගන්වන්න පුළුවන් උනේ. අසේලට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත සාර්ථක කර ගන්න දීපු උපකාරයට.

අපිට තිබ්බ තවත් ලොකු ගැටලුක් වුනා මේ දේවල් ඔක්කොම අරගෙන යන්නෙ කොහොමද කියන එක. මුලින්ම අපි පොඩි කාර් රථ කිහිපයක ගියේ. නමුත් දැන් ගමට යන පාර හොඳටම අබලන් තත්වයට පත් වෙලා කාර්වලට යන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබ්බ. මේකට විසඳුම ගෙනාවෙ අපේ එකමුත්තෝ එකට බොහොම උපකාර කරන අමිල කියල අපේ මිත්‍රයෙක්. අපේ වැඩේ ගැන එයාගෙත් මිත්‍රයෙක් වෙන රෝහිතට කියල තිබුන. ඒ විදියට රෝහිත අපිත් එක්ක එකතු උනා එයාගෙ crew cab එකෙන් අපේ ප්‍රවාහන ගැටලුව විසඳලා. කිසිම ගැටලුවක් නැතුව අපි සියලු දෙනාමත් ගෙනියන්න තිබ්බ බඩු බාහිරාදියත් සුළුගුණේ දක්වා ආරක්ෂා සහිතව අරන් ගියපු අපේ අලුත් මිත්‍රයා වන රෝහිතටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත සාර්ථක කර ගන්න දීපු උපකාරයට.

දරුවන් 24 දෙනෙක් සඳහා අවශ්‍ය පාසැල් නිල ඇඳුම් රෙදි ඉතාම සුළු දැනුම් දීමකින් පස්සෙ අවශ්‍ය ප්‍රමාණ වලින් සකස් කරල දුන්න @CIB මීගමුව ශාඛාවේ ඈන් මහත්මියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම දරුවන් අවශ්‍ය වෙලා තිබ්බ පොත් පත් සුදානම් කර ගන්න උපකාර කළ අකුර පොත් සමාගමේ Akura Pilot Publication (People’s Park) කළමණාකාර කාවින්ද මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

අවසානයට මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා විශාල කැපවීමක් කල විදුහල්පතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම  නන් අයුරින් දායක වුනු සියලු දෙනාටත්, අපේ එකමුත්තන් සියලු දෙනාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් මේ වගේම කටයුත්තකින් හමු වෙමු.