Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

සුළුගුණෙන් කොළඹට…

ඉතාමත් සතුටෙන් අපි බලාපොරොත්තු වූ ලෙසටම සුළුගුනේ ප්‍රාථමික විද්‍යාලයෙ දරුවො ආව කොළඹ බලල යන්න මාර්තු 5 වෙනි ඉරිද…

ඉතාමත් සතුටෙන් අපි බලාපොරොත්තු වූ ලෙසටම සුළුගුනේ ප්‍රාථමික විද්‍යාලයෙ දරුවො ආව කොළඹ බලල යන්න මාර්තු 5 වෙනි ඉරිද… අපි එයාල එක්කරගෙන ගියා සත්තු වත්තට.. 10ට විතර පොඩි කෑමක් කාල අයිස් ක්‍රීම් එකකුත් රහ බලල ඊට පස්සෙ ගියෙ මුහුද බලල පොඩ්ඩක් සෙල්ලම් කරල රැල්ල පාගල එන්න… ඒ ගමනෙදි හැමෝම වගේ බෝතලේකට මුහුදු වතුර සහ වැලි ටිකක් අරන් යන්න අමතක කරෙත් නෑ…

ඊට පස්සෙ දවල්ට කෑම කාල හිතයි බඩයි දෙකම පිරෙන්න අයිස්ක්‍රීම් රස බලල ඔක්කොම එක්කන් ගියා ගෝල්ෆේස් එකට… එතනින් අපි බබාලව එක්කන් ගියා නෙළුම් කුළුන බලන්න… ඊට පස්සෙ එයාල අපෙන් සමු ගත්ත ආපහු යන්න..

මේ අතර වාරෙ අපි එයාලට තෑගි ගොඩක් දුන්න.. ඉස්කෝලෙ අලුත් පන්තියට යන්න ඕනෙ කරන සියලුම පොත් පත්, පෑන් , පැන්සල්, කටර්, මකන, පාට පෙට්ටි, කවකටු පෙට්ටි සහ ඕනෙ කරන අනෙකුත් සියලුම දේ…

ඒ වගේම අලුත්ම අලුත් ඇඳුම් සහ සුලු වශයෙන් පාවිච්චි කරන ලද ඇඳුම් එකතු කරල බාර දුන්න… ඊට අමතරව අලුත්ම ටයි එකක් තියනව ආසාවෙන් අලුත් අවුරුද්දට ඉස්කෝලෙට දාගෙන යන්න.

මේ හැමදේම පුලුවන් උනේ ඔයාල සියලු දෙනාගෙ ආධාරය නිසා… ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පිං…

ඊට අමතරව විශේෂ ස්තුතිය දෙහිවල Lani’s Foundation and Restaurant Lani’s Place 1 අධිපතිතුමාට , Trendy Folder Wholesale තොග ඇදුම් වෙළෙඳපොළ සමාගම සහ එහි අධිපති තුමාට, තුශාන් ජයවර්ධන මහතාට ( ටයි ටික ඩිසයින් කරල හදල දුන්න ), අමිල සහ අරුණ සහෝදරයන්ගෙන් ලැබුන සහයෝගයට, අකුර පොත් සමාගමේ Akura Pilot Publication (Akura Pilot Publication) කළමණාකාර කාවින්ද මහතාට Nishan Alwis Kavind, සුලුගුනේ විදුහලේ විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලයට සහ අපේ එකමුත්තෝ සමූහයේ සියලු දෙනාටම…

අප හා එක්වී මේ සත්කාර්ය සම්පූර්ණ කරගන්න සහයෝගය දැක්වූ ඔබ සැමට බොහොමත් ස්තුතියි… නැවතත් අපි මේ වගේම අලුත් දේකින් හමුවෙමු…