මෙම වසරේත් අපි සුළුගුණේ ප්‍රාථමික පාසැලේ දරුවන් බලන්න යන්න හැමෝම තීරණය කළා. මෑතදී සිදු වෙච්ච දරුණු ස්වභාවික විපතේදී නාය යාම් වල බලපෑමක් සිදු උනේ නැතත් අධික වැසි නිසා ඇති වූ ගංවතුර තත්වයන්ට මේ ගමේ වැසියන් මුහුණ දීල තියෙනවා. මේ දරුවන්ට අවශ්‍යය යම් යම් පාසැල් උපකරණ සහ ලිපි ද්‍රව්‍යය ලැබිල තියෙනවා. හැමදාමත් කරනවා වගේ අපි අඩු පාඩු ටික සම්පුර්ණ කරනවා. මීට අමතරව සුළුගුණේ පෙර පාසැලේ දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ සහ ලිපි ද්‍රව්‍යය ලබා දෙන්නත් දුංගොල්ල ප්‍රාථමික පාසැලේ දරුවන්ටත් අපි පාසැල් උපකරණ සහ ලිපි ද්‍රව්‍යය හිතාගෙන ඉන්නවා. අපි දැනට පහල තියෙන පාසැල් උපකරණ සහ ලිපි ද්‍රව්‍යය තමයි ලබා දෙන්න හිතාගෙන ඉන්නෙ.
- ඡේද පොත්
- මුතු අකුරු පොත් කට්ටල
- රූප පොත්
- දැනුම සයුර වැඩපොත්
- පෙර පාසැල් දරුවන් සඳහා පොත්
- පාට 24 පැස්ටල්
- චිත්‍ර පොත්
- කවකටු පෙට්ටි
- පැන්සල්, මකන සහ කටර්
- A4 කඩදාසි
- A4 පාට කඩදාසි
- නිල ඇඳුම් සඳහා රෙදි
- පාසැල් බෑග්
- කෑම පෙට්ටි
- වතුර බෝතල්
- වැසි කබා
මේ ස්ථාන තුනේම දරුවන් 60 ක් පමණ ඉන්නවා. මීට අමතරව ඒ දරුවන්ට පොඩි සංග්‍රහයක් කරන්නත් අපි හිතාගෙන ඉන්නව. මේ වැඩ කටයුත්තට දායක වෙන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න. බොහොම ස්තුතියි!
