ඓතිහාසික පසුබ්මකින් සපිරි ආඳාවල – උඩගම පුරාණ විහාරයට කලක් සිටම පවතින විශාල අඩුපාඩුවක් වන චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීමට දැන් කටයුතු සැලසුණා. සියලුදෙනාටම ඉතා සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ගම් වැසියන් සියල්ලම පාහේ මේ කටයුත්තට තමන්ට පුළුවන් ආකාරයට දායක වුණා. මේ වගේ දුර්ලභ කාර්යයකට අපිටත් දායක වෙන්න අවස්ථාව සැලසුණා. ඒ චෛත්‍ය මළුව හා ඒ වටා ප්‍රකාරය ඉදි කරන්න අවස්ථාව සලසා ගන්න අපට පුළුවන් උනා. මේ ප්‍රකාරය දිගින් සහ පළලින් අඩි 42 බැගින් වෙනවා. දැන් මේ චෛත්‍ය මළුවේ හා ප්‍රාකාරයේ වැඩ අවසානයි.
දැන් අපි ලෑස්ති වෙනව ඒ චෛත්‍ය මළුවට සහ පුංචි බුදු මැදුරට විදුලි ආලෝකය ලබා දෙන්න. මේ දවස් වල ඒ වැඩකටයුතු සිද්ද වෙමින් තියෙන්නෙ. ගමේ තරුණ ළමයි කීප දෙනෙකුත් අපේ පිරිසත් මේ කාර්යයේ ක්‍රියාකාරීව ඉන්නව. අපේ බලාපොරොත්තුව අලුත් අවුරුද්දෙ මුල් මාස කීපෙ ඇතුලත මේ කටයුත්ත ඉවර කරන්න. මේ පින් කටයුත්තට දායක වෙන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
