අපි සුලුගුනේ ප්‍රාථමික පාසලට යන මාර්ගයේදී නුගගොල්ල පරාක්‍රම ප්‍රාථමික පාසල අසලින් බොහෝ වාර ගණනක් ගිහිල්ල තියෙනවා. නමුත් අපි කිසි දිනක ඒ පාසැලට යාමට අවස්ථාව සැලසුනේ නෑ. මෑතකදී මෙම පාසලට පරිගණක කිහිපයක් ලබාදෙන ලෙස විදුහල්පතිතුමාගෙන් ඉල්ලීමක් ලැබුණා. එම ඉල්ලීම ලැබුණු ගමන් අපි ක්‍රියාත්මක වුණා.
අපේ පළවෙනි අභියෝගය වූයේ අවශ්‍ය පරිඝණක සපයා ගැනීම. මේ සඳහා CMS Private Limited ආයතනයේ කළමනාකාරීත්වය විසින් අපට ඉතා හොඳ තත්ත්වයේ තිබූ පරිඝණක (System Units) හතරක් ලබාදුන්නා. මෙය අපට විශාල සහයෝගයක් උණා. ඊළඟට අපට හොඳ තත්ත්වයේ මොනිටර් (Monitors) හතරක් මිලදී ගැනීමට හැකි වුණා. ඒ සමඟම ඒවා සඳහා අවශ්‍ය නව අනෙකුත් උපකරණත් අපි මිලදී ගත්තා.
2025 ජූනි 14 වන දින අපි පරාක්‍රම ප්‍රාථමික පාසලට ගිහින් මේ සියලුම උපකරණ විදුහල්පතිතුමා සහ කාර්ය මණ්ඩලයට පරිත්‍යාග කළා. ගුරුවරුන්ට අධ්‍යාපනික කරුණු සිසුන්ට පෙන්වීමට හැකි වන පරිදි, පරිගණක සෑම එකක්ම පන්ති කාමර වල සවි කිරීමටද අපි සහයෝගය ලබා දුන්නා.
අපට සිදු කර ගන්න හැකි උන මේ කටයුත්ත අපි සියල්ලෝම ඉතා සතුටු වුණා. මේ පාසැල් දරුවන්ගේ අනාගතය වඩාත් දීප්තිමත් කිරීමට එක්වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.
