ග්‍රාමීය පාසල් සඳහා අප විසින් කරන ලද පොත් පරිත්‍යාගයේදී, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරී වන නවීන උපකරණ සමඟ නැවත පැමිණීමට අපි පොරොන්දු වූවෙමු. මෙසේ අප ඒ පොරොන්දුව ඉටු කළෙමු.
Author: Charitha Ratnayaka
වසර ගණනාවක් තිස්සේ කාලගුණ බලපෑම් වලට ලක්වීමෙන් පසු මාතලේ ආඳාවල උඩගම පුරාණ විහාරයේ ඝණ්ටාර කුළුණ ඉතා දරුණු ලෙස දුර්වර්ණ වී තිබිණි. එය නැවත සකස් කිරීමට කාලය පැමිණ ඇති බව අප තීරණය කළෙමු,
2019 වසරේ අග භාගයේදී සිදු කල පොත් බෙදාදීමේ ව්‍යාපෘතියේදී සුලුගුණේ ප්‍රථමික විද්‍යාලයේ සිසුන් පෝෂණ ඌනතා වලින් පෙළෙන බව අපට දන ගන්නට ලැබුණා. ඒ වෙනුවෙන් අපට කල හැකි දෙය කිරීම අපගේ එක් අභිප්‍රායක් වුනා.
මතු පරපුරට ආදරයෙන්
විල්ගමුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන 3 කට අප උපකාර අවශ්‍ය පාසැල් දරුවන් සොයා ගියෙමු. අප හට දක්නට ලැබුණු දෙයින් අප බොහෝ පුදුමයට පත් විය. එය අමතක නොවන අත්දැකීමක් විය.
උපකාර අවැසිම පිරිස් වෙනුවෙන් අපගේ ශක්ති පමණින් ක්‍රියාත්මක වීමේ උත්සාහයක් වශයෙන්, අපි දරුවන් හය දෙනෙකුගේ අධ්‍යාපනය සඳහා මාසික මුදල් පරිත්‍යාග සමඟ අනුග්‍රහය දැක්වීම ආරම්භ කළෙමු.
ආඳාවල උඩගම පුරාණ විහාරය අවට ජල මූලාශ්‍ර රාශියක් තිබුණත්, එයට නිසි ජල සැපයුමක් තිබුණේ නැහැ. පන්සලට නිසි ජල සැපයුමක් ලබා දීමට කාලය පැමිණ ඇති බව අපි තීරණය කළා.










